Saturday, October 27, 2012

හිරුත් නිහඩව සැගවුණා වද

හිරුත් නිහඩව සැගවුණා වද
තුරුත් නිසලව වැලපුනා වද
නුඹත් පියමැන නික්මුනා අද
මමත් සසලව නැවතුණා හද

පිණි බිoදු තැවරිච්ච
මුදු හීත හුලගක්ව
හමා විත් මගෙ හදට
කෙදිරුවා නොවෙද නුඹ........
ගී සිoදු රස වින්ද
සුදු සේද ගoගාව
අසබඩදි ඔය දෙතොල්
පැටලුනා අමතකද.......?

නෙත් බැලුම් ගැවසෙනා
හැම කොනෙක මුල්ලකම
නුඹේ රුව මැවි මැවී
පෙනෙනවා විකසිතව........
දුක් සුසුම් ගිලිහෙනා
කදු වුවද පෙරලන්න
තදම තද නුඹේ හද
සොලවන්නවත් හැකිද.......?

No comments:

Post a Comment