Sunday, August 26, 2012

ඒ නොදත් නරුම රැල අකුරු මත වසුරු ලය්


රටක හෙට රැදෙන්නෙ රටේ දරු කැල අතය්
උන්ගෙ හෙට තැනෙන්නේ අකුරු පත්තිරු මතය්
ඒ නොදත් නරුම රැල අකුරු මත වසුරු ලය්
ඒ මකරු යතුරු ලෑ යුතු දිනය අත ලගය්

Friday, August 24, 2012

සෙවනැල්ල නුඹ කොහේ සැගවී....


සෙවනැල්ල නුඹ කොහේ සැගවී....
එක්ව මල් රොද රේණු රස විදි
දිය ගගුල ලග නුඹ නොමැත අද....
සෙවනැල්ල නුඹ කොහේ සැගවී....
මගේ පසුපස සෙවන වී හිදි
විසල් තුර නුඹ ලග නොමැති සද
රත් වූ දෙනෙතින්.....ගිනිගත් හදකින්.....
සොයන්නෙමි මම රිදෙන දෑසින්


එක අම්මගේ කුසකින් නූපදුන උනත්
එක බඩවැල කඩාගෙන ආ ලෙස උන්නත්
එකම මාවතක අපි පියමැන ආවත්
සබද නුඹ තැනක ම
o තව තැනක ඉතිo

වදන් කුලුගෙඩි තරම් බරැති‍ය් සිතන්නට අතපසු උනා
හෙලූ පහරින් සිනිදු සිත්මල
තැලී සුන් වී පොඩි උනා
ඉදින් සකිසද නුඹට පිටම
o වෙන්න ඇවසිය් කී නිසා
නුඹට ඉඩ හැර නුඹේ මාවත මගේ මාවත මම ගියා

Monday, August 13, 2012

නිහඩ සුසුමන්.....


නිහඩ සුසුමන් විදාලනු මැන
හඩ නගන මේ පපුතුරේ හිද
සිහින දෙව්දුව නුඹට අවසර
රැගෙන යනු මා නුඹේ අහසට......

හුදෙකලාවෙන් පිරුනු හද ගැබ
සර නගන් වෙණ තතක් කුමරිය
තුරුලු වී හිද මගේ උවනත
තබනු මැන ඔය දෙතොල් සීතල......

අරුණ කැටි පිරි හිරු ගගන තල
නැගුන කල නුඹ නික්ම යනු ඇත
යලිත් තනිකම හිතේ ගුලිකර
හෙටත් කලුවර දිනක් එනු ඇත......

Monday, August 6, 2012

දැනුමේ කේන්ද්‍රය


දැන් ඉතින් අපිට
ආඩම්බරෙන් කිව්ව හැකි
ආසියාවේ දැනුමේ කේන්දරේ
මේ පුoචි රට කියලා....
ඉoගිරිස් හෝඩියේ අවසාන අකුරට
කොහොමෙය් ඇමතිතුමා උගැන්නුව පාඩම
සුද්දොන්ට ගැත්තොන්ට රිදුනා ඇති හොදටෝම
පව් ඉතින් ඒ ගොල්ල......
නායකත්ව පුහුනුවට
හැමදේම ලෑස්තිලු
මොනව නැතත් ඒ ඇතිනෙ හත්තිලව්වේ....
ආන්ඩුවේ කැම්පසුත් එක දිගට වැහිලලු
නිවාඩු පාඩුවේ එපායැ ළමය් ඉගෙනගන්ට
නැත්තo උන්ගේ ඔලු කුරුවල් වෙනව නෙවැ
එක දිගට පාඩම් කොරලම....
මොනවදෝ බහුභූත කිය කිය
ආචාරියොත් වැඩ වරනවලු
ඒකත් හොද වෙලාවට
උන්නැහෙලා දන්න ඉටිගෙඩිය.....
අද්දියාපනේ මේ තැනට උස්සන්ට
අපේ ඇමති ගොල්ල නැහුන තරම ගැන
කියන්ට වචන නෑ ආය්බොවන්ඩ....
රටේ පිනට පහල වෙච්ච
නැණ ගුණ පිරි ඇමති රෑන
අනේ ඉතින් දෙවියනි නුඹ
හැම මොහොතෙම බලාගන්ට.....


 

නිදන් හොරු


මහී ගර්භය ඉරා වෙන් කර
වැසී ඇති රන් රුවන් මතුකර
මුවත් විවරව කෙලත් පෙර පෙර
තනති වෙන්නට තව තවත් තර.....

රටක් දිනූ විරුවනි නෙත් අද වීදෝ
නරුම රැලට රැකවරණය සැදුවීදෝ
අරුම පුදුම වස්තුව මුව වැසුවීදෝ
මවට හදි කලත් සොයුරනි කම් නැතිදෝ.....

සැගවිලා ගිය යට ගියාවෙක අරුමැසිය පස් යට ඇතේ
වැසුනු යුගයක කෙසරු රාවය යලිදු නoවනු හැකිවෙතේ
නමුදු කෑදර තිරිසනුන්හට උරුමයන්ගෙන් කම් නැතේ
මක් කරන්නද නිරායුධ අප නඩුත් හා බඩු උන් අතේ.....
චේතනා කදු දිය කරන්
දෙකොපුල් දිගේ ගලනා තරම්
කදුලු බොද කල කවුලු අද්දර
මැවේ අප පෙම් කල දසුන්......

මගේ දෑතේ දරාගන්නට
බැරි තරම් නෙක මල් තබා
පු
oචි කුමරිය නුඹ ගියාදෝ
වන පියස මැද මා දමා......

සරා සද අර බලන් ලස්සන
කියා මට පෙන්නා එදා
අදුරු මීදුම් සලුව වී නුඹ

අහස වසමින් පැතිරුනා.....                                                                     

කලාමැදිරියා මම.....




සද තියා තරුවක් වත්
මෝදු වෙන්නට නොහිතාපු
මේ තිත්ත කලුවර මැදින්
මාවතක් සොයන්ට වෙරදරන

කලාමැදිරියා මම.....


අදුර අතරින්
කණාවට මතුවෙන
හැoගුන කතන්දර
කලාවට හරවන

කලාමැදිරියා මම......


සෝකයෙන් තෙරපෙන හිත් වලට
ගීතයක් මුමුණන
ලෝකයක් ඇවැසි උන්හට
ආලෝකයක් විහිදන

කලාමැදිරියා මම.....