Saturday, October 27, 2012

හිරුත් නිහඩව සැගවුණා වද

හිරුත් නිහඩව සැගවුණා වද
තුරුත් නිසලව වැලපුනා වද
නුඹත් පියමැන නික්මුනා අද
මමත් සසලව නැවතුණා හද

පිණි බිoදු තැවරිච්ච
මුදු හීත හුලගක්ව
හමා විත් මගෙ හදට
කෙදිරුවා නොවෙද නුඹ........
ගී සිoදු රස වින්ද
සුදු සේද ගoගාව
අසබඩදි ඔය දෙතොල්
පැටලුනා අමතකද.......?

නෙත් බැලුම් ගැවසෙනා
හැම කොනෙක මුල්ලකම
නුඹේ රුව මැවි මැවී
පෙනෙනවා විකසිතව........
දුක් සුසුම් ගිලිහෙනා
කදු වුවද පෙරලන්න
තදම තද නුඹේ හද
සොලවන්නවත් හැකිද.......?

Wednesday, October 24, 2012

හමුදාවයි සරසවියයි

රටේ හෙට ගැන සිතා
පෙරටුව පෙරට එන
අර නිරායුධ උන් මඩින්නද
මේ තරම් සේනා......
කැට කැබලි......
පොලු මුගුරු.....?

Monday, October 22, 2012

වෙස් මූණූ……වෙස් මූණූ……


                                                                                      වෙස් මූණූ……වෙස් මූණූ……
නෙක හැඩයෙන්
නෙක වර්ණෙන්
පින්තාරු කරලා…….
ඔය මුහුණේ පල දා ගෙන
නෙක රැගුමන් පානා…….
මිනිසුනී…..මිනිසුනී……
රවටන්නේ කව්රුන්දෝ……?
රැවටෙන්නේ කව්රුන්දෝ……?
නිමාවක් කොතැනදෝ…….?
 
සිනා සලනා දෑස් අතරින්
හදවතට ලo වී බලන්…….
කදුලු ගලනා කතාවක් එහි
සගවලා නැතිදෝ කියන්…….
 
අදුරු බිදගෙන නැගෙන එලියට
හදේ දොරගුලු හැර තියන්…….
සොදුරු ඇත්තට දැන්ම ඉඩ දී 
පෑ රැගුම් අවසන් කරන්………...!

Sunday, August 26, 2012

ඒ නොදත් නරුම රැල අකුරු මත වසුරු ලය්


රටක හෙට රැදෙන්නෙ රටේ දරු කැල අතය්
උන්ගෙ හෙට තැනෙන්නේ අකුරු පත්තිරු මතය්
ඒ නොදත් නරුම රැල අකුරු මත වසුරු ලය්
ඒ මකරු යතුරු ලෑ යුතු දිනය අත ලගය්

Friday, August 24, 2012

සෙවනැල්ල නුඹ කොහේ සැගවී....


සෙවනැල්ල නුඹ කොහේ සැගවී....
එක්ව මල් රොද රේණු රස විදි
දිය ගගුල ලග නුඹ නොමැත අද....
සෙවනැල්ල නුඹ කොහේ සැගවී....
මගේ පසුපස සෙවන වී හිදි
විසල් තුර නුඹ ලග නොමැති සද
රත් වූ දෙනෙතින්.....ගිනිගත් හදකින්.....
සොයන්නෙමි මම රිදෙන දෑසින්


එක අම්මගේ කුසකින් නූපදුන උනත්
එක බඩවැල කඩාගෙන ආ ලෙස උන්නත්
එකම මාවතක අපි පියමැන ආවත්
සබද නුඹ තැනක ම
o තව තැනක ඉතිo

වදන් කුලුගෙඩි තරම් බරැති‍ය් සිතන්නට අතපසු උනා
හෙලූ පහරින් සිනිදු සිත්මල
තැලී සුන් වී පොඩි උනා
ඉදින් සකිසද නුඹට පිටම
o වෙන්න ඇවසිය් කී නිසා
නුඹට ඉඩ හැර නුඹේ මාවත මගේ මාවත මම ගියා

Monday, August 13, 2012

නිහඩ සුසුමන්.....


නිහඩ සුසුමන් විදාලනු මැන
හඩ නගන මේ පපුතුරේ හිද
සිහින දෙව්දුව නුඹට අවසර
රැගෙන යනු මා නුඹේ අහසට......

හුදෙකලාවෙන් පිරුනු හද ගැබ
සර නගන් වෙණ තතක් කුමරිය
තුරුලු වී හිද මගේ උවනත
තබනු මැන ඔය දෙතොල් සීතල......

අරුණ කැටි පිරි හිරු ගගන තල
නැගුන කල නුඹ නික්ම යනු ඇත
යලිත් තනිකම හිතේ ගුලිකර
හෙටත් කලුවර දිනක් එනු ඇත......

Monday, August 6, 2012

දැනුමේ කේන්ද්‍රය


දැන් ඉතින් අපිට
ආඩම්බරෙන් කිව්ව හැකි
ආසියාවේ දැනුමේ කේන්දරේ
මේ පුoචි රට කියලා....
ඉoගිරිස් හෝඩියේ අවසාන අකුරට
කොහොමෙය් ඇමතිතුමා උගැන්නුව පාඩම
සුද්දොන්ට ගැත්තොන්ට රිදුනා ඇති හොදටෝම
පව් ඉතින් ඒ ගොල්ල......
නායකත්ව පුහුනුවට
හැමදේම ලෑස්තිලු
මොනව නැතත් ඒ ඇතිනෙ හත්තිලව්වේ....
ආන්ඩුවේ කැම්පසුත් එක දිගට වැහිලලු
නිවාඩු පාඩුවේ එපායැ ළමය් ඉගෙනගන්ට
නැත්තo උන්ගේ ඔලු කුරුවල් වෙනව නෙවැ
එක දිගට පාඩම් කොරලම....
මොනවදෝ බහුභූත කිය කිය
ආචාරියොත් වැඩ වරනවලු
ඒකත් හොද වෙලාවට
උන්නැහෙලා දන්න ඉටිගෙඩිය.....
අද්දියාපනේ මේ තැනට උස්සන්ට
අපේ ඇමති ගොල්ල නැහුන තරම ගැන
කියන්ට වචන නෑ ආය්බොවන්ඩ....
රටේ පිනට පහල වෙච්ච
නැණ ගුණ පිරි ඇමති රෑන
අනේ ඉතින් දෙවියනි නුඹ
හැම මොහොතෙම බලාගන්ට.....