Monday, August 6, 2012

කලාමැදිරියා මම.....




සද තියා තරුවක් වත්
මෝදු වෙන්නට නොහිතාපු
මේ තිත්ත කලුවර මැදින්
මාවතක් සොයන්ට වෙරදරන

කලාමැදිරියා මම.....


අදුර අතරින්
කණාවට මතුවෙන
හැoගුන කතන්දර
කලාවට හරවන

කලාමැදිරියා මම......


සෝකයෙන් තෙරපෙන හිත් වලට
ගීතයක් මුමුණන
ලෝකයක් ඇවැසි උන්හට
ආලෝකයක් විහිදන

කලාමැදිරියා මම.....

No comments:

Post a Comment